හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබාගත්
ඇමරිකානු ඩොලර් මිලියන 554.33 ක්
තවමත් ගෙවීමට තිබේ.
හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් චයිනා හාබර් ඉන්ජිනීයරින් සමාගම වෙත තවත් ඇමරිකානු ඩොලර් මිලියන 554.33 ක මුදලක් ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව ඇති බව සති අග සිලෝ ටුඩේ පුවත්පත වාර්තා කරයි.
හම්බන්තොට වරාය මේ වන විට චීනයට බදු දී ඇති අතර වරායෙන් 85% ක කොටස් චීනය සතුවන අතර 15% ක කොටස් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ.
හම්බන්තොට වරාය 99 අවුරුදු බදු පදනම යටතේ චීනයට ලබා දී ඇති අතර වරාය බදු දීමෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදල වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන තිබුණු ණය ආපසු ගෙවීම සදහා යොදාගෙන නොතිබුණි.