හමාස් පහර දෙන බව නොදැන සිටීම;
“මමත් අනෙක් අයත් ඊව වගකිව යුතුයි..!
අපි, ජාතියට උත්තර බැදිය යුතුව තිබේ.”
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය.
පසුගිය හත්වන දා හමාස් සංවිධානය එල්ල කළ ක්ෂණික ප්‍රහාරය පිළිබද කිසිදු තොරතුරක් කල් තියා නොදැන සිටීම සම්බ්ධයෙන් තමන්ද ඇතුළුව ඒ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු දෙනා ජාතිය හමුවේ උත්තර බැදිය යුතුව ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ප්‍රහාරය එල්ල වූ දා සිට මේ දක්වා අතර කාලයේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එබදු ප්‍රකාශයක් සිදු කළ පළමු අවස්ථාව එයයි.
කෙසේ වෙතත්, උත්තර බැදීම සිදු කරනු ඇත්තේ පසුවට බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම තමන්ගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.