“හමාස්; ප්‍රහාරයකට සැරසෙන බව අපි කිව්වා. ඒත් ඊශ්‍රායාලය අපේ තොරතුර අවතක්සේරු කලා.” ඊජිප්තු ඔත්තුසේවා කියයි.

0
1460

“හමාස්; ප්‍රහාරයකට සැරසෙන බව අපි කිව්වා.
ඒත් ඊශ්‍රායාලය අපේ තොරතුර අවතක්සේරු කලා.”
ඊජිප්තු ඔත්තුසේවා කියයි.

හමාස් සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු හැගවීම් සිදු කළ ද, ඊශ්‍රායල් බලධාරීන් ඒ පිළිබදව සැලකිලිමත් නොවූ බව, නම හෙළි කිරීමට අකමැති, ඊජිප්තු ඔත්තු සේවා නිළධාරියෙකු ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබේ.

ඊශ්‍රාලයේ අවධානය බටහිර ඉවුර – වෙස්ට් බෑන්ක් – වෙත යොමු වී තිබුණු බව පවසන අදාල ඔත්තුසේවා නිළධාරියා, ගාසා තීරයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබදව ඔවුන් අන්ධව සිටි බව ද පවසයි.

ඊජිප්තුව, කලක සිටම, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කරන රටකි.

ඊජිප්තුවේ අනතුරු හැගවීම ඊශ්‍රායලය ගණනකට නොගත් බව පෙර කී ඔත්ත-ුසේවා නිළධාරියා පවසයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය කාර්යාලය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඊජිප්තුවෙන් කිසිදු පූර්ව අනතුරු හැගවීමක් ලැබී නැති බව පවසන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඊජිප්තු බුද්ධි ප්‍රධානියා සෘජුව හෝ වක්‍රව හමු වී නැති බවද පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක යාකෝව් අමිදෝර් පවසා ඇත්තේ, හමාස් සංවිධානයේ හදිසි මෙහෙයුම මගින්, ගාසා තීරයේ ඊශ්‍රායල ඔත්තු සේවාවල දුර්වලතා හෙළි වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − two =