“හමාස් ප්‍රහාරය රික්තයක් තුළ සිදුවූවක් නොවේ. පලස්තීන ජනතාව වසර 56 ක් තිස්සේ දරුණු පීඩාවකට ගොදුරුව සිටියි..!” එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි.

0
252

“හමාස් ප්‍රහාරය රික්තයක් තුළ සිදුවූවක් නොවේ.
පලස්තීන ජනතාව වසර 56 ක් තිස්සේ
දරුණු පීඩාවකට ගොදුරුව සිටියි..!”
එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි.


පසුගිය හත්වන දා දකුණු ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් හමාස් සංවිධානය සිදුකළ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය රික්තකයක් තුළ සිදු වූවක් නොවන බව, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් පවසයි.

එමෙන්ම, වසර පනස් හයක් තිස්සේ, පලස්තීන ජනතාවට ඔවුන්ගේ මාතෘ භූමිය අහිමි කර ඇති බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.
කෙසේ වෙතත්, හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාව ඉන් සාධාරණීකරණය කළ නොහැකි බව පවසන එක්සත් ජාතීන්ගෙ මහලේකම්වරයා, එමෙන්ම, හමාස් සංවිධානය සිදු කළ ත්‍රස්ත ක්‍රියාවට ප්‍රතිචාරයක් ලෙස සමස්ත පලස්තීන ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රති ප්‍රහාරයද සාධාරණීකරණය කළ නොහැකි බව පවසයි.

“පලස්තීන ජනතාවගේ දේශය, බලහත්කාර ජනාවාසකිරීම්වලින් ගිල ගනිමින් පවතී. ඔවුන් දැඩි ආර්ථික පීඩනයකට ගොදුරු ව සිටිති. සියළු දේ විනාශ වෙමින් පවතී. දේශපාලන විසදුමක් පිළිබද බලාපොරොත්තු ඔවුන්ගෙන් ගිලිහෙමින් පවතී..!” එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩි දුරටත් පවසයි.

ඔහු මේ අදහස් පළ කලේ, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර හට ගෙන ඇති යුද්ධය සදහා සටන් විරාමයක් අවශ්‍යව ඇති බව අවධාරණය කරනු පිණිසයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මෙම ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල නියෝජිතයා දැඩිව හෙලා දුටුවේ ය. ඔහු පවසා සිටියේ, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වහා එම ධූරයෙන් ඉවත් කළ යුතු බවයි. එමෙන්ම. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමග පැවැත්වීමට නියමිතව තිබුණු හමුව, ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අවලංගු කර දමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 13 =