‘හරක්කටා මුදා හැරීමට හේතු වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ සුනංගුවයි.’ සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

0
379

හරක්කටා මුදා හැරීමට හේතු වී ඇත්තේ
ආරක්ෂක අමාත්‍යංශයේ සුනංගුවයි.
සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඩුබායි පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා මෙරට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවශ්‍ය ලිපි ලේඛන නිසි වේලාවට ලබා නොදී සුනංගු කිරීම හේතුවෙන් මුදාහැර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ බව පසුගිය සතියේ වාර්තා වීමත් සමග තමන්ගේ නිර්දෝශීභවය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය පෙනී සිටිය ද අත් අඩංගුවට ගත් හරක් කටා මුදා හැරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කර නොතිබුණි.

ඩුබායි බලධාරීන් විසින් රතු නිවේදන නිකුත් කර තිබුණු හරක්කටා අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා බළධාරීන්ට දැනුම් දී තිබුනේ අගෝස්තු මාසයේ 19 වන දා ය.

එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබදව ආරක්ෂක අමාත්‍යංශය දැනුම්වත් කර තිබෙන අතර හරක් කටා ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුත-ු සූදානම් කරන ලෙස ද ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.

එතැන් සිට අත් අඩංගුවේ පසුවන හරක්කටා මුදා නොහරින ලෙස ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිල වශයෙන් ඩුබායි පොලිසියෙන් ඉල්ලා සිටීම සදහා සැප්තැම්බර් 30 දක්වා කල් ගත වී තිබේ.

ඒ අතර කාලයේ ඩුබායි පොලිසිය සැකකරු මුදා හැර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =