හරක් කටාගෙන් ඇමති ටිරාන්ට ලක්ෂ හත්දහසක ඔෆර් එකක්..!

0
958

හරක් කටාගෙන්
ඇමති ටිරාන්ට
ලක්ෂ හත්දහසක ඔෆර් එකක්..!


හරක් කටා නොහොත්, නදුන් චින්තක යන අය, පසුගිය මාර්තු මාසයේ මැඩගස්කරයේ දී අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී, ලංකාවට ගෙන්වා ගන්නවා වෙනුවට, ඩුබායි බලා යෑමට අවසර ලබා ගැනීම වෙනුවෙන්, රුපියල් ලක්ෂ හත්දහස මුදලක් තමන්ට අල්ලස් වශයෙන් දීමට ඔහු ඉදිරිපත් වූ බව පොලිසිය භාර ඇමති ටිරාන් අලස් පවසයි.

ගාල්ල උණවටුනේ දී දකුණු පළාතේ ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරීන් සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පොලිසිය භාර අමාත්‍ය ධූරයෙන් තමන්ව ඉවත් කිරීම සදහා, ඒ වෙනුවෙන් කටයුතු කළ හැකි “ඉහළ” බළධාරීන්ට ඕනෑම මුදලක් ලබා දීමට උවද ඔහු ඉදිරිපත් වනු ඇති බවද පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + thirteen =