‘හර්ෂට ඉඩ දී ඉල්ලා අස්වෙන්න සූදානම්..!’ මයන්ත කියයි.

0
298

‘හර්ෂට ඉඩ දී ඉල්ලා අස්වෙන්න
සූදානම්..!’
මයන්ත කියයි.


මුදල් කාරක සභාවේ සභාපති ධූරය සදහා හර්ෂද සිල්වා මහතා පත් කර ගැනීමට අවස්ථාව සලසා දෙමින් තමන් එම ධූරයෙන් ඉල්ලා අස්විමට සූදානම් බව මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පවසා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මුදල්කාරක සභාවේ සභාපති ධූරය සදහා විපක්ෂය විසින් හර්ෂද සිල්වා මහතාගේ නම යෝජනා කළද ආණ්ඩුව පක්ෂය විසින් ඒ සදහා විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන මයන්ත දිසානායක මහතා ගේ යෝජනා කර ඔහු එම ධූරය සදහා පත්කරගෙන ඇත.

හර්ෂද සිල්වාට මුදල් කාරක සභාවේ සභාපති ධූරය භාර දී ඉල්ලා අස්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මයන්ත දිසානායකගෙන් ඉල්ලා තිබුණද ඔහු මුලදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

කෙසේ වෙතත් මේ වන විට මයන්ත දිසානායක මහතා තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇති බව පුවත්පත වාර්තා කරයි.
නමුත් ගැටළුව කතානායකවරයාගේ මැදිහත්වීම මත විසදාගත යුතුව ඇතැයි යන්න මයන්ත දිසානායගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 5 =