හර්ෂ-කබීර්-එරාන් ජනපති සමඟ එක් වීමට සූදානම්…! පොහොට්ටු ඇමතිවරුත්තැති ගනී.

0
3253

හර්ෂ-කබීර්-එරාන්
ජනපති සමඟ එක් වීමට සූදානම්…!
පොහොට්ටු ඇමතිවරුත්
තැති ගනී.

සමගි ජන බලවේගයේ ප්‍රමුඛ නායකයන් වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා රජය හා එක්වීමට සූදානම් බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.

පක්ෂය බිදී යාම වලක්වා ගැනීමේ අරමුණෙන් සජිත් ඊයේ රාත්‍රියේ සිය මන්ත්‍රීවරුන්ට මොනාර්ක් හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇති බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

සජිත්ගේ මන්ත්‍රීවරු පක්ෂය හැරයාම කෙරෙහි ඔහුගේ බිරිද ජලනී ප්‍රේමදාස, පක්ෂයේ කටයුතු සදහා අනවශ්‍ය ලෙස මැදිහත් වීමද බලපා ඇතැයි පුවත්පත පවසයි.

මේ අතර විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරු රැසක් ආණ්ඩුව හා එක් වීමට ගෙන තිබෙන තීන්දුව සමග ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන්ද තැති ගෙන ඇතැයි පැවසේ.

ඒ ප්‍රබල අමාත්‍ය දූර කිහිපයක් ඔවුන්ගෙන් ගිලිහී විපක්ෂයෙන් එක්වන මන්ත්‍රීවරුන් වෙත යෑමට නියමිත බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =