හරීන්ට සහ මනූෂට එරෙහිව විනය පියවර ගැනීම අත්හිටුවමින්අතුරු තහනම් නියෝගයක්…!

0
192

හරීන්ට සහ මනූෂට එරෙහිව
විනය පියවර ගැනීම අත්හිටුවමින්
අතුරු තහනම් නියෝගයක්…!

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීම අත්හිටුවමින්, නුගේගොඩ දිසා අධිකරණය, අද දිනයේ දී අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සහ විනය කමිටු සභාපතිවරයා යන අයට එරෙහිව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර විසින් ගොනුකර තිබෙන පෙත්සමකට අදාලව එකී අතුරුතහනම් නියෝගය ලබා දී ඇති අතර, අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව එළැඹෙන 18 වන දා දක්වා කිසිදු විනය පියවරක් නොගන්නා ලෙස එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − two =