හැටන් බොස්කෝ විදුහලට වසර 12 ක් තිස්සේ ගණිත ගුරුවරයෙක් නෑ.

0
68

හැටන් බොස්කෝ විදුහලට
වසර 12 ක් තිස්සේ
ගණිත ගුරුවරයෙක් නෑ.
මවුබිම පුවත්පත වාර්තා කරයි.


හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් බොස්කෝ විදුහලේ සිංහල මාධ්‍ය අංශයට වසර දොළහක් තිස්සේ ගණිත විෂය ඉගැන්වීම සදහා ස්ථිර ගුරුවරයෙකු නැතැයි මවුබිම පුවත්පත වාර්තා කරයි.

පුවත්පත මේ බව වාර්තා කර තිබෙන්නේ අදාල පාසලේ ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමව්පියන් එවැනි චෝදනාවක් කරන බව ප්‍රකාශ කරමිනි.

ගණිත විෂය සදහා ස්ථිර ගුරුවරයෙකු නොමැති නිසා එම පාසලේ දරුවන්ට ගණිත විෂය උගන්වන්නේ විද්‍යා ගුරුවරයා විසින් බවද පුවත්පත වාර්තා කර තිබේ.

එම විද්‍යා ගුරුවරයාද මේ වන විට ස්ථාන මාරුවක් ලබා පාසලෙන් ගොස් ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =