හැදුනුම්පත් මුද්රණය කරන කාර්ඩ් හිගයි. පාසල් අයදුම්කරුවන්ට ජාතික හැදුනුම්පත වෙනුවට අනන්‍යතාවය සහතික කිරීමේ ලිපියක්.

0
115

හැදුනුම්පත් මුද්රණය කරන
කාර්ඩ් හිගයි.
පාසල් අයදුම්කරුවන්ට
ජාතික හැදුනුම්පත වෙනුවට
අනන්‍යතාවය සහතික කිරීමේ ලිපියක්.

ජාතික හැදුනුම්පත ලබා ගැනීම සදහා අයදුම්කර තිබෙන පාසල් සිසුන්ට ජාතික හැදුනුම්පත වෙනුවට අනන්‍යතාවය සහතික කිරීමේ ලිපියක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා පවසා තිබේ.

මෙම පියවර ගෙන තිබෙන්නේ ජාතික හැදුනුම්පත් මුද්රණය කිරීම සදහා ආනයනය කර තිබෙන කාර්ඩ්පත් නිසි ලෙස කළමණාකරණය කිරීමේ පියවරක් ලෙස බවද ඔහු පවසා තිබේ.

පාසල් අයදුම්කරුවන් ලක්ෂ හතරක් පමණ වාර්ෂිකව ජාතික හැදුනුම්පත් ලබා ගන්නා බව පැවසේ.

එසේ ලබාගනනා ජාතික හැදුනුම්පත් ප්‍රමාණයෙන් 10% ක් පමණ වැරදි තොරතුරු ඇතුළත් කිරීම හෝ වෙනත් හේතූන් මත නැවත සකස් කිරීමට යොමු කරන බැවින් නාස්තිය පාලනය සදහා පළමු අවස්ථාවේ දී සියළුම පාසල් අයදුම්කරුවන්ට ජාතික හැදුනුම්පත් කාර්ඩ් පත වෙනුවට සෑම ආයතනයකටම ඉදිරිපත් කළ හැකි ආකාරයේ වලංගුතාවයකින් යුතු අනන්‍යතා ලිපියක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

මෙම පුවත ලංකාදීප පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =