ප්‍රේමලාල් ජයසේකර අත් අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් කිරීම;
වසර අටක පසුව නඩු තීන්දුව ලැබේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට
වසර පහක සිරදඩුවම්..!
2015 ජනාධිපතිවරණය සමයේ දී, එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පැවති රැස්වීමක වේදිකාව සරසමින් සිටි ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා, එක් අයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාලව, එවකට හිටපු රාජ්‍ය අමාත්‍යවරයායෙකු වන ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයට බලපෑම් කිරීම සම්බන්ධයෙන්, සබරගමුව පලාත භාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එරෙහිව රත්නපුර මහාධිකරණය වසර පහක සිරදඩුවම් නියම කර තිබේ.
2015 ජනවාරි 05 වැනිදා අලුයම් කාලයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගිය අතර, එකී ඝාතනය සම්බන්ධයෙන්, රත්නපුර මහාධිකරණය ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණ දඩුවම නියම කලේ ය.
මහාධිකරණය තීන්දුවට එරෙහිව, ප්‍රේමලාල් ජයසේකර අභියාචනයක් ගොනු කළ අතර, 2022 වසරේ මාර්තුමාසයේ දී ඔහු සියළු චෝදනාවගෙන් නිදොස් කරන බව අභියාචනාධිකරණය තීන්දු කලේ ය.
ඝාතනය සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළුව තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණු අතර, ඔවුන් තිදෙනාටම අභියාචනාධිකරණයෙන් නිදහස හිමි වියි.