හිරුණිකා ප්‍රේමචන්ද්ර සිය ෆේස් බුක් පිටුව ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔත්තුවක් ලබා දෙයි.
ඇය ලියා ඇත්තේ වාක්‍ය ඛණ්ඩ දෙකකි.
එම වාක්‍ය ඛණ්ඩ දෙක වන්නේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල. වාට්ටු අංක 18. යන්නයි.
දුමින්ද සිල්වාට ලබා දී තිබෙන ජනාධිපති සමාව අත් හිටුවා ඇති බව ඊයේ දිනයේ දී වාර්තා විය.
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ, වහාම ඔහු අත් අඩංගුවට ගන්නා ලෙසයි.
හිරුණිකාගේ ඔත්තුව දුමින්ද සිටින තැන පිළිබදව ලබා දුන් එකක් යැයි සිතිය හැකි ය.