හිරුණිකා සැකකරුවෙකු ලෙස නම් කරන්නයි පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි…!

0
835

හිරුණිකා සැකකරුවෙකු ලෙස නම් කරන්නයි
පොලිසිය කළ ඉල්ලීම
අධිකරණය ඉවත දමයි…!


පසුගිය ජූලි 06 වන දා කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියට පැමිණ විරෝධතාවයක නිරත වීම සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු දස දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි, කොටුව පොලිසය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

අද පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව පොලිසිය මගින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු දස දෙනෙකුට නොතීසි නිකුත් කර තිබුණි.

හිරුණිකා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල, අදාල පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කරන්නයි පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම නීති විරෝධී බව අධිකරණයට පෙන්වා දී තිබේ.

ඒ අනුවා, හිරුණිකා ඇතුළු පිරිස සැකකරුවන් ලෙස නම් කරන්නයි කොටුව පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =