හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් අද දිනය තුළ විශේෂ ප්‍රකාශයක්..!

0
433

ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ
නෙතන්යාහු අතර සාකච්ඡා ආරම්භ වේ.

හිස්බුල්ලා සටන්කාමීන්ගෙන්
අද දිනය තුළ විශේෂ ප්‍රකාශයක්..!

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අද පෙවරුවේ ඊශ්‍රායලය බලා පැමිණ තිබේ.

ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු සහ රාජ්‍ය ලේකම්වරයා අතර සාකච්ඡා මේ වන විටත් ඇරඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොහෝ විට, වහාම තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙ ඇමරිකානු රාජ්‍ය ලේක්මවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා අද දිනයේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව පැවසේ.

දැනටමත් ලෙබනන් සීමාවේ සිට ඊශ්‍රායල හමුදා වෙත හිස්බුල්ලා සටන් කරුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිති. නමුත්, ඔවුන් ගාසා තීරයේ, ඊශ්‍රායල් හමුදා සමග හමාස් සටන්කාමී ගෙන යන යුද්ධයට මේ දක්වා මැදිහත් වී නැත.

අවශ්‍යම වුවහොත්, හමාස් සටන්කරුවන්ට සහාය ලබා දෙන බව හිස්බුල්ලා සංවිධානයේ නායකයා ප්‍රකාශ කර තිබුණි.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුමට, හිස්බුල්ලා සංවිධානය මැදිහත් වන්නට සිතන්නේ නම්, එය ඔවුන් කර ගන්නා ඓතිහාසික අත් වැරැද්දක් වනු ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 20 =