හුස්ම ගැනීමට නො හැකිවන ලෙස ගෙල සිරකරලා…! තරුණියගේ හිසට ස්කෑන් පරීක්ෂණයක්.

0
7847

හුස්ම ගැනීමට නො හැකිවන ලෙස
ගෙල සිරකරලා…!
තරුණියගේ හිසට ස්කෑන් පරීක්ෂණයක්.

දනුෂ්ක ගුණතිලක විසින් අතවරයට ලක්කර ඇති බව පැවසෙන ඕස්ටේ්‍රලියානු ජාතික තරුණියගේ හිස ස්කෑන් පරීක්ෂාවකට යොමුකර ඇති බව වාර්තා වේ.

එවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ දනුෂ්ක ගුණතිලක, හුස්ම ගැනීමට නොහැකිවන ලෙස ඇගේ බෙල්ල සිරකර ඇති බැවිනි.

දනුෂ්ක විසින් ගෙල සිරකිරීම සිය ජීවිතය පිළිබද භීතියක් ඈ තුළ නිර්මාණය කර තිබේ.

සිද්ධිය වූ දිනට පසුදින ම ඈ උපදේශන සේවාවක් අමතා ඇති අතර වැළපුම නවත්වා ගැනීමට ඈ අපොහොසත්ව ඇති බව වාර්තා වේ.

මේ සියල්ල අධිකරණය වෙත ලබා දී තිබෙන වාර්තා තුළ සටහන්ව ඇති දෙයයි.

#දනුෂ්ක ගුණතිලක අදාල තරුණිය සමග මිත්‍රත්වයක් ගොඩ නගාගෙන තිබුණේ ඔක්තෝබර් මාසයේ 29 වන දා ය. තමා මුණ ගැසීම සදහා බ්‍රෙස්බේන් වෙත පැමිණෙන්නැයි දනුෂ්ක ඇයට බලකර ඇති නමුත් තරුණිය එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දෙදෙනා අතරමැද තැනක හමු වී තිබේ.

ඔවුන් එකිනෙකා හමු වූ ඒ දිනයේ කිසියම් බීම වර්ගයක් පානය කළ බව තරුණිය පවසා ඇති අතර ඒ මත්පැන් නොවන බවද වාර්තා වේ.

ඔවුන් ගේ හමුවීමෙන් පසුව තරුණියගේ නිවස වෙත දනුෂ්ක ඈ සමග ගොස් ඇති අතර එම ගමන බෝට්ටු සංචාරයක් වී තිබේ. එම බෝට්ටු සංචාරය අතර තුර දනුෂ්ක ඔහුගේ සිරුර තම සිරුරට තෙරපූ බවත් පසුපසට පහර දුන් බවත් තරුණිය පවසා ඇතැයි අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවන්ගේ සදහන් ය.

තරුණියගේ නිවසේ දී දනුෂ්ක කිහිප වරක්ම ඇයට පහර දී ඇති බව පැවසේ. එක් පහර දීමක දී හුස්ම ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වූ බවද තරුණිය පැමිණිලි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + nine =