හෙට අනිද්දා ඉදන් පාරෙ යනවාට පාරට ගානකුත් ගෙවන්න වෙයි.
රජය නුදුරේදීම මාර්ග නඩත්තු අරමුදල නමින් අරමුදලක් පිහිටුවීමට යන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ මෙම අරමුදල පිහිටුවීමට නියමිත ය.
මාර්ග භාවිතා කරන්නන්ගෙන්, විශේෂයෙන්ම මෝටර් රථ හිමිකරුවන්ගෙන්, අදාල මාර්ගය භාවිතා කිරීම වෙනුවෙන් යම් ගාස්තුවක් අයකිරීම මේ මගින් සිදු වේ.
මෙය ලෝකයේ වෙනත් රටවල ද පවතින ක්‍රමවේදයක් බව අමාත්‍යවරයා පවසා තිබේ.
එසේ අයකරනු ලබන ගාස්තු හරහා එකතුවන අරමුදල මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවීමට අපේක්ෂා කරයි.
ආර්ථික අර්බුදයට පසුව, මාර්ග නඩත්තුව නැවතී ඇති බැවින්, මහා භාණ්ඩාගාරයට බරක් නොවී එකී කටයුතු සිදුකර ගැනීම මෙවැනි අරමුදලක් පිහිටුවීමේ අරමුණයි.
අධිවේගී මාර්ග හැරුණුකොට අනෙකුත් මාර්ග නඩත්තුව සදහා 2022 වසරේදී රුපියල් බිලියන 325ක් වෙන්කර තිබෙන බව පැවසේ. එය භාණ්ඩාගාරයට තනිව දැරිය නොහැකි තරම් විශාල මුදලක් බවත් එබැවින් මාර්ග නඩත්තු අරමුදල පිහිටුවන බවත් අමාත්‍යවරයා පවසයි.