හෙට ඉන්ධන අවශ්‍යනම් අද රෑ 9.30 ට පෙර ගෙවීම් කරනු…! ඛනිජ තෙල් සංස්ථාවේ මේ නව නීතිය නිසා ඉන්ධන පිරවුම්හල් හාරසියයක් වැසී යයි. පිරවුම්හල් හිමියෝ පවසති.

0
233

හෙට ඉන්ධන අවශ්‍යනම්
අද රෑ 9.30 ට පෙර ගෙවීම් කරනු…!
ඛනිජ තෙල් සංස්ථාවේ මේ නව නීතිය නිසා
ඉන්ධන පිරවුම්හල් හාරසියයක් වැසී යයි.
පිරවුම්හල් හිමියෝ පවසති.

හෙට දිනය සදහා ඉන්ධන තොග අවශ්‍ය නම් අද රාත්‍රී නමයි තිහට පෙර ඒ සදහා කළ යුතු ගෙවීම් සිදු කළ යුතු බවට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පනවා ඇති නව නියමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් හාර සියයක් පමණ වැසී යාමට නියමිත බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසා තිබේ.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්ධන පිරවුම්හල් හත්සියයක් පමණ මෙරට ඉන්ධන වෙළදපොළට පැමිණීමට අපේක්ෂා කරන අළුත් විදේශීය සමාගම් වෙත ලබා දීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ය.

රජයේ මෙම නව නීතිය හේතුවෙන් සති කිහිපයක් තිස්සේ පෝලිම් දිග් නොගැසී කාර්යක්ෂමව ලබා දුන් සේවාව යළි අර්බුදයට ගොස් තිබෙන බවද කුමාර් රාජපක්ෂ මහතා පවසා තිබේ.

ලංකා ඉන්දීය ඔයිල් සමාගමද ගෙවීම් සිදු කිරීම සදහා මෙවැනිම නීතියක් පනවා ඇතත් ඔවුන් ඒ සදහා ලබා දී තිබෙන කාලය මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබේ. එබැවින් ඒ තත්ත්වය පහසුවක් බව කුමාර් රාජපක්ෂ මහතා පවසයි.

රට යථාවත් වී ඇති බැවින් ඉන්ධන සැපයුම වැඩි කළ යුත-ුව ඇතත් තවමත් ඉන්ධන බෙදා හැරීම සීමා කර තිබේ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තවමත් බෙදා හරින්නේ ඩීසල් මෙට්‍රික් ටොන් හාර දහසක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අතර ප්‍රමාණයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =