හෙලිකොප්ටර් යානය කඩා වැටේ. යුක්රේන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු 18 දෙනෙකු මිය යයි.

0
165

හෙලිකොප්ටර් යානය කඩා වැටේ.
යුක්රේන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු
18 දෙනෙකු මිය යයි.

ඔහු ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීම හේතුවෙන් යුක්රේන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මියගොස් ඇති බව වාර්තා වේ.

හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ පෙරපාසලක් පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ලටයි.

අනතුරින් මියගිය සම්පූර්ණ පිරිස 18 දෙනෙකි.

මිය ගිය පිරිස අතර දරුවන් තිදෙනෙකු ද සිටින බව පැවසේ.

හෙලිකොප්ටර් යානය තුළ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ පළමු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ලේකම්ද සිට ඇති අතර ඔවුන් ද අනතුරින් මියගොස් ඇති බව පැවසේ.

අධික මීදුම මෙම අනත-ුරට හේතුව වී ඇති බව අනුමාන කරයි.
අනතුරින් තුවාල ලැබූ තවත් පහළොස් දෙනෙකු ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 9 =