‘හෙළි නොකළ හෝ නීතිවිරෝධී හෝ කිසිදු වත්කමක් මට නෑ.’ රෝහිත රාජපක්ෂ.

0
244

‘හෙළි නොකළ හෝ නීතිවිරෝධී හෝ
කිසිදු වත්කමක් මට නෑ.’
රෝහිත රාජපක්ෂ.


සැගවූ හෝ නීති විරෝධී වූ හෝ කිසිදු වත්කමක් තමන්ට නැති බව රෝහිත රාජපක්ෂ ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.

ඒ පසුගිය මැයි මාසයේ නමවන දා මහජන ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ගිනි තබා විනාශ කරන ලද ඉකෝ ග්‍රීන් ලොජ් නම් සුඛෙෘ්පගෝගී හෝටල් සංකීර්ණයේ සැබෑ හිමිකරු රෝහිත රාජපක්ෂ බව හෙළි වීමෙන් පසුව ඔහු [රෝහිත රාජපක්ෂ] එම දේපළ උපයාගෙන ඇත්තේ කෙසේ දැයි ප්‍රශ්න කරමින් සර්වපාක්ෂික අරගලකරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව ය.

මෙම හෝටල් සංකීර්ණය යෝෂිත රාජපක්ෂට අයත් බව මුලදී වාර්තා වූ අතර රෝහිත රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කළේ ය. නමුත් කිසිදු අවස්ථාවක හෝටලයේ සැබෑ හිමිකරු වන්නේ යෝෂිත රාජපක්ෂ නොව රෝහිත රාජපක්ෂ බව හෙළි නොකළේ ය.

රෝහිත රාජපක්ෂ කිසිදු රැකියාවක් කරන බවට වාර්තා නොවන නිසාත් ඔහුගේ පියා වන හිටපු ජනාධිපතිවරයා දේශපාලනඥයෙකු වනවාට අමතරව ව්‍යාපාරිකයෙකු ලෙස ක්‍රියාකර නැති නිසාත් මේ තරම් වටිනා දේපළක් ඔහුට හිමිවීම සැක සහිත බව පැමිණිල්ලෙන් යෝජනා කරයි.

රෝහිත රාජපක්ෂ මෙම දේපල නීත්‍යනුකූලව ඔහු උපයාගත් ධනයෙන් ලබා ගත්තක් යැයි නොසිතිය හැකි බවත් එබැවින් ඔහු මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වැරදිකරුවකු වන බවත් පැමිණිලි පාර්ශ්වය කියයි.

කෙසේ වෙතත් රෝහිත රාජපක්ෂ මේ සියළු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

තමා සතුව හෙළි නොකළ හෝ අනීතික කිසිදු දේපලක් නැති බව පවසා ඇති රෝහිත රාජපක්ෂ අවශ්‍යනම් ඉකෝ ග්‍රීන් ලොජ් සම්බන්ධ සියළු තොරතුරු බලධාරීන්ට ලබා දීමට තමන් සූදානම් බවද පවසා තිබේ.

ඉකෝ ග්‍රීන් ලොජ් හෝටල් සංකීර්ණය එහි මුල් අයිතිකරුගෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ලබාගත් ආකාරයත් හෝටලයට අයත් ඉඩම පුළුල් කර ගත් ආකාරයත් පිළිබදව අගනා ලිපියක් මීට පෙර සජීව චාමිකර මහතා විසින් පළ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + twenty =