‘හොරු නිදැල්ලේ සිටිය දී රුපියල් මිලියන 200 කටත් වඩා වැඩියෙන් වැයකර සැමරීමට තරම් අපට ඇති අභිමානවත් නිදහස කුමක්ද..?’ කතෝලික සභාව ප්‍රශ්න කරයි.

0
82

‘හොරු නිදැල්ලේ සිටිය දී
රුපියල් මිලියන 200 කටත් වඩා වැඩියෙන් වැයකර
සැමරීමට තරම් අපට ඇති අභිමානවත් නිදහස කුමක්ද..?’
කතෝලික සභාව ප්‍රශ්න කරයි.

රටේ ආර්ථිකය සහ නීතියේ ආධිපත්‍යය බිද වැටී ඇති මොහොතක සැමරීමට ඇති නිදහස කුමක්දැයි කතෝලික සභාව ප්‍රශ්න කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා දැක් වූ අදහස් පහතර අපි සාරාංශ කොට දක්වමු.

“විදේශ ණය වාරික ගෙවා ගත නොහැකිව රට බංකොලොත් වී තිබේ. වයස අවුරුදු පහට දරුවන්ගෙන් 33.4 ක් මන්පෝෂණයට ගොදුරු වී තිබේ. විරැකියාව ඉහළ යමින් තිබෙන අතර කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර බොහෝ ප්‍රමාණයක් වැසී යමින් තිබේ. නීතියේ ආධිපත්‍යය දරුණු ලෙස බිද වැටී ඇති අතර මානව අයිතිවාසිකම් නොසලකා හරිමින් තිබේ. ජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් විරෝධතා පෑමේ නිදහසත් රජය උල්ලංඝණය කරමින් සිටියි. ඒ සදහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි නීති අවභාවිතා කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අඩුම වශයෙන් උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමටවත් රජයට නොහැකි වී තිබේ. ඖෂධ හිගය රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙලා තිබේ. එවැනි පසුබිමක රුපියල් මිලියන දෙසියයකට වඩා වැඩි මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්දැයි ප්‍රශ්නයකි.

හරිනම් කළ යුතුව තිබුණේ රටේ සම්පත් කොල්ල කෑ මංකොල්ලකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ට දඩුවම් කිරීමයි…!”

හැත්තෑපස්වන නිදහස සමරුව වෙනුවෙන් මේ සා විශාල මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව සිය විරෝධය පළ කර සිටින බවද ගරු සිරිල් ගාමිණී පියතු-මා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =