හොර අත්සන් ගසා
හොරට ඖෂධ ගෙනා සමාගම
තවත් ඖෂධ වර්ග දෙකක්
ඒ වගේම හොරට ගෙනත්…!
ව්‍යාජ තොරතුරු සපයමින්, අතිශයින්ම අවදානම්සහග ඖෂධයක් වන human immunoglobulin නම් ඖෂධය මෙරටට ගෙන්වන ලද සමාගම, ව්‍යාජ තොරතුරු ලබා දෙමින් තවත් ඖෂධ වර්ග දෙකක් රට තුළට ගෙන්වා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙය සිදුකර තිබෙන්නේ Isolez Biotech Pharma AG නම් දේශීය සමාගමයි.
අළුතින්ම වාර්තා වන වංචාවට අදාල එක් ඖෂධයක් වන්නේ නම් ඖෂධයයි. මෙම ඖෂධය පිළිකා රෝගීන් සදහා ලබා දෙන ඖෂධයකි.
Isolez Biotech Pharma AG නම් දේශීය සමාගම එම ඖෂධය ගෙන්වා ඇත්තේ, no 69/1, GIDC, Kansari, Tal-Khambhat, Dist. Gujarat නමැති ලිපිනය සදහන් වන , Livealth Bio pharma Ltd., Int. Company නමැති ඉන්දියානු නිෂ්පාදකයෙකුගෙනි.
නමුත්, අදාල සමාගම, මෙය ඔවුන්ගේ නිෂ්පාදනයක් නොවන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.
එම සමාගම පවසා ඇත්තේ, ඔවුන්ගේ සමාගමේ නම භාවිතා කරමින් human immunoglobulin නම් ඖෂධය ගෙන්වා ඇති පරිද්දෙන්ම, මෙම ඖෂධයද වංචාකාරී ලෙස ගෙන්වා ඇති බවයි.
ව්‍යාජ තොරතුරු ලබා දී රටට ගෙන්වා ඇති Rituximab නමැති මෙම ඖෂධයෙන් එන්නත් කුප්පි 2025 ක් වහාම භාවිතයෙන් ඉවත්කර තිබෙන බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
හොර අත්සන් ගසා වංචාකාරී ලෙස තවත් ඖෂධයක් රටට ගෙනැවිත් ඇති අතර, ඒ ඖෂධයට අදාල තොරතුරු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ දක්වා මාධ්‍යයට ලබා දී නැත.
එකී ඖෂධය, කොපමණ ප්‍රමාණයක් භාවිතයට ගෙන තිබේද යන්න පිළිබදවද කිසිවකු නොදනී.
මේ අතර, හොර අත්සන් ගසා, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින්, වංචාකාරීලෙස රටට ඖෂධ ගෙන ඒමට සම්බන්ධ සියළු සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇතත්, මේ දක්වා කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව පැවසේ.