ළහිරු වීරසේකර අත්අඩංගුවට ගනී.
ජන අරගලයේ මුල් පෙළ ක්‍රියාකාරිකයෙකු වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් රාජකාරියට බාධා කර ඇති බව කියමිනි.
අද සවස ගාළු මුවදොර දී පැවති විරෝධතාවයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුව තිබේ.