ෆේස්බුක් හරහා හමු වූ
පෙම්වතාගෙන් යොවුන් දැරියකට
බිහිසුණු ලිංගික හිංසාවක්…!
ෆේස්බුක් ඔස්සේ හදුනාගන්නා ලද පෙම්වතාගෙන් බිහිසුණු ලිංගික හිංසනයකට ගොදුරු වූ දැරියක් පිළිබදව මාධ්‍ය රැසක වාර්තා වී තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පහළොස් වියැති මෙම දැරිය, ඇගේ පෙම්වතා වන 27 වියැති තරුණයාගේ කතරගම පිහිටි නිවසට පැමිණ තිබේ.
එහිදී, ඔහු මෙම දැරියට ඔහු හා ලිංගිකව එක්වන ලෙස බලකර ඇති අතර, දැරිය එය ප්‍රතික්ෂේප කළ පසු, ඇගේ ලිංගේන්ද්‍රයට හිස් බියර් බෝතලයක් ඇතුළු කර ඇති බවත්, ඇගේ ගෙල මිරිකා තවත් අමානුෂික වද බන්දනයකට ඇය ලක්කර ඇති බවත් පැවසේ.