11 දෙනෙකු මරාදැමූ කැලිෆෝනියා වෙඩි තැබීමෙන් පැය 48 ක් යන්නට පෙර සැන් ෆ්‍රැන්සිස්කෝවල තවත් වෙඩි තැබීමක්. 07 දෙනෙකු මිය යයි.

0
84

11 දෙනෙකු මරාදැමූ කැලිෆෝනියා වෙඩි තැබීමෙන්
පැය 48 ක් යන්නට පෙර
සැන් ෆ්‍රැන්සිස්කෝවල තවත් වෙඩි තැබීමක්.
07 දෙනෙකු මිය යයි.


ජීවිත 11 ක් උදුරා ගනු ලැබූ කැලිෆෝර්නියාවේ නර්තන ශාලාවක සිදු වූ වෙඩි තැබීමෙන් පැය හතලිස් අටක් යන්නට මත්තෙන්, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරින් තවත් එබදුම වෙඩි තැබීමේ වීමක් වාර්තා වේ.

සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට තරමක් ඈතින් පිහිටි වෙරළබඩ නගරයක මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ ස්ථාන දෙකකදී ය. එක් ස්ථානයක සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර අනෙක් ස්ථානයේ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙන් තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මේ වන විට පොලිසියට භාර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඝාතකයා අත් අඩංගුවට ගත් අවස්ථාව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − one =