17-18-19-20-22
සංශෝධන පහටම
ඡන්දය දුන්
මන්ත්‍රීවරු 18 ක්.
මෑත කාලීනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ඉදිරිපත් වූ තීරණාත්මක වැදගත්කමකින් යුතු සංශෝධන පහටම ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරු 18 දෙනෙකු පාර්ලිමේන්තුව ත-ුළ සිටින බව මන්ත්‍රී වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම සංශෝධන පහ එකිනෙකට පරස්පර ප්‍රධාන ධාරවන් දෙකක කරා පාලන ක්‍රමය ගෙන යාම සදහා ඉදිරිපත් වූ සංශෝධන බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
17 – 19 සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සදහා ගෙන ආ සංශෝධන වූ අතර 18 සහ 20 වන සංශෝධනය රාජපක්ෂවරු විසින් ඔවුන්ගේ බලය තහවුරු කරගැනීම සදහා ගෙන ආ සංශෝධන බව පොදු පිළිගැනීමයි.
