රාජපක්ෂවරු;
ජනතාවගේ වියදමින්
පොහොසතුන් බවට පත් වුණේ ය..!
රාජපක්ෂවරු; ජනවර්ග අතර ගැටුම් ඇති කළේ ය.
විරුද්ධවාදීන් මර්දනය කළේ ය.
ජනතාවගේ වියදමින්
පොහොසතුන් බවට පත් වුණේ ය..!
එක්සත්ජනපද සෙනට් සභිකයෝ කියති.
එක්සත් ජනපද සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබද කමිටු සභාපති බොබ් මෙන්ඩෙස් ඇතුළු සෙනෙට් සභිකයන් කිහිප දෙනෙකු විසින් රාජපක්ෂ පවුල් පාලනයේ දුවර්ල කළමණාකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගත වී තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදය විසදීම සදහා පුළුල් සහ තීරණාත්මක ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටියි.
රාජපක්ෂවරු, ශ්‍රී ලාංකීය ජනතාවගේ වියදමින් පොහොසතුන් වී ඇති අතර විරුද්ධවාදීන් නිර්ධය ලෙස නිහඩ කර වාර්ගික ආතතීන් මතු කරමින් රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට ඇද දමා ඇතැයි සෙනෙට් සභික පැට්‍රික් ලිහී චෝදනා කරයි.
දශක කිහිපයක් තිස්සේ ඇදී ගිය සිවිල් යුද්ධයෙන් සහ වැරදි ආර්ථික කළමණාකරයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවට මානව හිමිකම් – යුක්තිය – සාධාරණත්වය සහ වාර්ගික සහජීවනය සදහා කැපවූ රජයක් අවශ්‍යව ඇති බවද ඔහු පවසයි.
ලංකාවේ එම අවශ්‍යතාවය පිළිබදව එක්සත් ජනපදයද සිය අවධානය යොමු කළ යුතුව ඇතැයි සෙනෙට් සභික පැට්‍රික් ලිහී යෝජනා කරයි.
මේ සියළු කරුණු පිළිබදව අවධානය යොමුකරමින් සකස් කළ විශේෂ යෝජනාවක් සෙනෙට් සභික ඩික් ඩර්බින්, පැට්‍රික් ලීහි සහ කොරි බූකර් විසින් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලාංකික ජනතාව පීඩාවට පත් කර තිබෙන ආර්ථික හා දේශපාලන ව්‍යාකූලත්වය පිළිබදව අවධානය යොමු කර තිබෙන එම යෝජනාව වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලාංකීය ජනතාව ගොඩ ගැනීම සදහා ජාත්‍යන්තර ප්‍රජාව උදව් කළ යුතුව ඇති බවද අවධාරණය කරයි.
එමෙන්ම යුධ අපරාධ සම්බන්ධ චෝදනා විමර්ෂණය කිරීම සහ මානව හිමිකම් සුරැකීමට ශ්‍රී ලංකා රජය කැපවිය යුතු බවද අදාල යෝජනාව ඉල්ලා සිටියි.
රට මුහුණ දී තිබෙන ආර්ථික හා මානූෂිය අර්බුධ සදහා රජය වහා විසදුම් සෙවිය යුතු යැයි ශ්‍රී ලාංකීය ජනතාව පැහැදිලිවම ඉල්ලා සිටින බව සෙනෙට් සභික බූකර් පවසයි.
‘මම ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සිටින අතර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ සාමකාමී ප්‍රයත්නයන්ට සහාය දෙමි. තවද, ශ්‍රී ලංකාවේ ජනතාවට ඉදිරියට යාමට උපකාර කිරීම සඳහා සිවිල් යුද්ධයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුක්තිය, විනිවිදභාවය සහ වගවීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව තල්ලු කළ යුතුය” සෙනෙට් සභික බූකර් අවධාරණය කරයි.
මීට අමතරව සෙනෙට් සභිකයන් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම යෝජනාවෙන්, සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව ඔවුන් පවසයි.
අර්බුදය විසඳීමේ උත්සාහයන්හි දී විරුද්ධ පක්ෂ සහ වාර්ගික සුළුතර කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලපෑම් කරමිනුයි මෙම පිරිස තම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.