20 න් පහළ ලෝක මළල ක‍්‍රීඩා තරගාවලිය;
ශ‍්‍රී ලංකා කණිෂ්ඨ ක‍්‍රීඩකයන්
කොලොම්බියාව බලා පිටත් කර හැරීමට
අවශ්‍ය කටයුතු සම්පාදනය කර අවසන්.

0
1159

20 න් පහළ ලෝක මළල ක‍්‍රීඩා තරගාවලිය;
ශ‍්‍රී ලංකා කණිෂ්ඨ ක‍්‍රීඩකයන්
කොලොම්බියාව බලා පිටත් කර හැරීමට
අවශ්‍ය කටයුතු සම්පාදනය කර අවසන්.

20 න් පහළ ලෝක මළල ක‍්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට නියමිත ශ‍්‍රී ලංකා කණිෂ්ඨ මළල ක‍්‍රීඩා කණ්ඩායමට කොලොම්බියාව බලා යාමට අවශ්‍ය පහසුකම් මේ වන විට සපයා ඇති බව වාර්තා වේ.

තරගාවලිය අගෝස්තු මාසයේ පළමුවැනිදා සිට ආරම්භ වීමට නියමිත ය.

නමුත් වීසා සහ ගුවන් යානා ප‍්‍රවේශ පත‍්‍ර ගැටළුවක් හේතුවෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට නියමිත ක‍්‍රීඩකයන් හට කොලොම්බියාව බලා යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි.

අදාල ගැටළුව විසදීමට සංචාරක අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ක‍්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ යන මහත්වරුන් මේ වන විට කටයුතු සම්පාදනය කර තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + eleven =