‘2009-2016 අතර කාලයේ දී ඩොලර් මිලියන 14 ක කොන්තරාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා බළධාරීන්ට ඩොලර් එක්ලක්ෂ අනූදහසක පගාවක් දීලා…!’ ඔස්ටේ්‍රලියානු ජාතිකයන් දෙදෙනෙක් අත් අඩංගුවට.

0
303

2009-2016 අතර කාලයේ දී
ඩොලර් මිලියන 14 ක කොන්තරාවක් ලබා ගැනීමට
ශ්‍රී ලංකා බළධාරීන්ට ඩොලර් එක්ලක්ෂ අනූදහසක පගාවක් දීලා…!
ඔස්ටේ්‍රලියානු ජාතිකයන් දෙදෙනෙක් අත් අඩංගුවට.

ඩොලර් මිලියන ගණනක වටිනාකමකින් යුතු කොන්තරාත්තුවක් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා බළධාරීන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියානු ජාතිකයන් දෙදෙනෙකු ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ෂණයකට පසුව පසුගිය මාසයේ දී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත් අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයන් දෙදෙනා අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නම හෙළි නොකරන ලද ව්‍යාපෘති දෙකකට අදාල කොන්තරාත්තුව ලබා ගැනීම සදහා ඇමරිකානු ඩොලර් 190,000 ක මුදලක් සැකකරුවන් විසින් ශ්‍රී ලාංකීය බළධාරීන්ට අල්ලස් වශයෙන් ලබා දී ඇති බව පැවසේ.

අල්ලස් ලබා දීම හරහා ඔවුන් ලබා ගැනීමට උත්සාහ කර තිබෙන ව්‍යාපෘති දෙකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 5 =