2015-2020 පාර්ලිමේන්තුව නියෝජනය කළ
හිටපු මන්ත්‍රීවරු 20 ක්
ඔවුන් ලබාගත් ගිනි අවි රජයට භාර දී නෑ..!
2015-2020 පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු විසි දෙනෙකු, ඔවුන්ගේ ආරක්ෂාව සදහා රජය ලබා දී තිබුණු ගිනි අවි මෙතෙක් රජයට යළි භාර දී නැති බව වාර්තා වේ.
ඔවුන්ට භාර දී තිබෙන අවි ආයුධ නැවත රජයට භාර දෙන ලෙස එකී මහජන නියෝජිතයන්ට මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශය මගින් දැනුම් දී ඇති බව, ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන මහතා පවසයි.
මීට අමතරව, 1980-1990 අතර කාලයේ දී දේශපාලන පක්ෂ සහ ඇතැම් මහජන නියෝජිතයන්ට, එවකට පැවති තත්ත්වය අනුව, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබුණු ගිනි අවිද මේ දක්වා යළි රජයට පවරාගෙන නැති බව පැවසේ.
එම ආයුධ යළි ලබා ගැනීම සදහා ද රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.