2017 සිට 2021 දක්වා;
මත්තල පාඩුව කෝටි 200 යි.
රත්මලාන පාඩුව කෝටි 169 යි.
2017 වසරේ සිට 2021 වසර දක්වා මත්තල ගුවන් තොටුපල රුපියල් කෝටි දෙසීයක පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන වාර්තාවක් උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටියි.
මත්තල ගුවන්තොටුපල සදහා වාර්ෂිකව අපේක්ෂා කරන ලද මගීන් සංඛ්‍යාව ලක්ෂ දහයකි. ඒ නමුත් 2017 සිට 2021 දක්වා වූ වසර පහටම පැමිණ තිබෙන මගීන් සංඛ්‍යාව අනූ එක් දහසක් පමණි.
මීට අමතරව රත්මලාන ගුවන් තොටුපලද 2017 වසරේ සිට 2021 වසර දක්වා රුපියල් කෝටි 169 කට වඩා වැඩි පාඩුවක් වාර්තා කර තිබෙන බවද පුවත්පත වාර්තා කර තිබේ.