2021 දී පමණක් දරුවෝ 2718 ක්
පාසල් ගමන අතර මගදී
අත්හරිති.
පසුගිය වසරේ දී පමණක් පාසල් දරුවන් 2718 ක් ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය අතර මගින් අත්හැර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන විගණන වාර්තාවකින් හෙළිවී ඇතැයි ඉරිදා දිවයින පුවත්පත වාර්තා කරයි.
දරුවන් එතරම් විශාල සංඛ්‍යාවක් මෙසේ පාසල් ගමන අතර මගින් අත්හිටුවීමට ආර්ථික කරුණු මෙන්ම වෙනත් සමාජයීය ප්‍රශ්නද බලපා ඇති බව පැවසේ.
පසුගිය යහපාලන රජය විසින් 13 වසරක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ යෝජනාවක් ගෙනැවිත් තිබුණි. එය මේ වන විට නිසිපරිදි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උදා වී තිබේ.