2022 වසරේදී පමණක් වෛද්‍යවරු 700 ක්
රට හැර යති.
2022 වසර තුළ වෛද්‍යවරු හත්සියයක් රටහැර ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසී යැයි ‘ද මෝර්නිං’ වෙබ් අඩවිය වාර්තා කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව මේ වන විට වෛද්‍යවරඳාැ විසි දහසක් පමණ සේවය කරන අතර විශේෂඥ වෛද්‍යවරු 2800 ක් සිටිති.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන ආකාරයට පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට විශේෂඥ වෛද්‍යවරු 125 දෙනෙකු රට හැර ගොස් තිබුණි.
වෛද්‍යවරු රට අතහැර යෑම නීතියෙන් වැලැක්වීමේ මාර්ගයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.