2022 වසරේ දී
වෛද්‍යවරු දහසක්
රට හැර යති.
සෑම මසකම 50-60 ක්
විදෙස්ගත වීමට නිවාඩු ඉල්ලති.
2022 වසරේ දී වෛද්‍යවරු දහසක් පමණ රට හැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පවසයි.
එමෙන්ම සෑම මසකම වෛද්‍යවරු පනහත් හැටත් අතර ප්‍රමාණයක් විදෙස්ගත වීම සදහා නිවාඩු අයදුම් කරන බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් රටහැර ගිය වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නැති බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා තිබේ.
වෛද්‍යවරු මෙසේ රට හැර යාම නාගරික ප්‍රදේශවල පිහිටා තිබෙන රජයේ රෝහල් කෙරෙහිද බලපා ඇති බව ඔහුගේ අදහසයි. නමුත් කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල් යන රෝහල්වල කටයුතු සාමාන්‍ය ලෙසර කරගෙන යාමට වෛද්‍යවරු රට හැර යාමේ තත්ත්වයේ බලපෑමක් නැති බවද ඔහු පවසයි.
වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ද අයිලන්ඩ් පුවත්පත සමග මේ කරුණු පවසා තිබුණි.