2023 අප්‍රේල් මැද සිට අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය අහෝසි කරනවාලු..!

0
92

2023 අප්‍රේල් මැද සිට අර්ධ සුඛෝපභෝගී
බස් රථ සේවය අහෝසි කරනවාලු..!

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අප්‍රේල් මස මැද සිට අවසන් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් එල්ලවන චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

නමුත් පුදුමය වන්නේ, මගී ජනතාවගෙන් එල්ල වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් අර්ධ සුඛෝප භෝගී බස් රථ සේවාව තහනම් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මීට පෙරද නිවේදනය කර තිබීමයි.

මීට පෙර 2018 වසරේ දී ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා තිබුණේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය 2018 දෙසැම්බර් මස 31 වනදායින් පසුව අහෝසි කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 8 =