2023 දී ලොව ඉහළම වැටුප් වර්ධනයක්
හිමිවන රට ඉන්දියාව.
ලංකාව නරකම රටවල් දෙක අතරට.
දැවැන්ත ආර්ථික අර්බුදයකට මුළු ලොවම ගොදුරු වී තිබිය දී ත් ලොව රටවලින් 37% ක ප්‍රමාණයක සේවකයන්ට එළැඹෙන වසර තුළ දී ත් වැටුප් වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව සමීක්ෂණයක් හෙළි වී තිබේ.
මෙම වැටුප් වැඩිවීම ගණනය කර තිබෙන්නේ අදාල රටේ උද්ධමනයද සැලකිල්ලට ගෙනයි.
එසේ ගණනය කර බැලීමේ දී 2023 වසරේ දී ඉහළම වැටුප් වර්ධනයක් අපේක්ෂා කළ හැකි රට වන්නේ ඉන්දියාවයි.
2023 වසරේදී 4.6% ක වැටුප් වැඩි වීමක් ඉන්දියාව තුළ අපේක්ෂා කරයි.
දෙවන ස්ථානය හිමිවන්නේ වියට්නාමයටයි. වියට්මානය එළැඹෙන වසරේදී 4% ක වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරයි.
තුන්වන ස්ථානය චීනයට හිමිව ඇති අතර චීනය 3.8% ක වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරයි.
සමීක්ෂණයට අනුව යුරෝපීය රටවල තත්ත්වය යහපත් වන්නේ නැත.
උද්ධමන වේගය හා සසදා බැලීමේ දී එම රටවල වැටුප් වැඩිවීම සෘණ අගයක් ගනී.
වැටුප් වර්ධනය සෘණ අගයක් ගන්නා රටවල් අතර වඩාත්ම නරක තැනක සිටින්නේ ආර්ජන්ටිනාවයි. ආර්ජන්ටිනාවේ වැටුප් වර්ධනය වීම -26.1% කි.
ශ්‍රී ලංකාව නරකම තැනට එක් පියවරක් ඉදිරියෙන් සිටින අතර වැටුප් වර්ධනය වීම – 20.5 කි.