2024 ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ නාමල්ගේ නම යෝජනා කරති.

0
1489

2024 ජනාධිපතිවරණයට
රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ
නාමල්ගේ නම යෝජනා කරති.
පොහොට්ටුවේ අනෙක් නායකයෝ
නාමල් පරිණත මදි කියති.

මේ වසරේ කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ඉගි කර තිබේ. ඉන් නොනැවතී, ලබන වසරේ දී ජනාධිපතිවරණයකට යෑමේ සූදානමක් ජනාධිපතිවරයාට ඇති බව ද වාර්තා වේ.

ලබන වසරේ ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් පොහොට්ටු පක්ෂයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊට ඉදිරිපත් කළ යුත-ු බව රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ මතය යැයි, අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිවසට පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන් කැදවා තිබුණු අතර එහිදී මේ පිළිබදවද සාකච්ඡා කෙරී ඇති බව පුවත්පත පවසයි.

කෙසේ වෙතත්, 2024 වසරේ ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ප්‍රතිවාදී අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට නියමිත සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක සමග තරගයක් දීමේ හැකියාවක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට තවමත් නැති බව පොහොට්ටු පක්ෂයේ අනෙකුත් සාමාජිකයන්ගේ අදහස වී තිබේ.

එමෙන්ම තවත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද නීතියෙන් අවකාශයක් නැත.

ඒ අනුව බොහෝ දුරට පොහොට්ටු පක්ෂයේ ද අනුග්‍රහය ඇතිව 2024 ජනාධිපතිවරණය සදහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාම ඉදිරිපත් වීමට ඉඩ ඇති බව පුවත්පත වැඩි දුරටත් වාර්තා කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 14 =