2024 ජනාධිපතිවරණය සදහා රුපියල් බිලියන 11 ක් වෙන් කරයි.

0
1814

2024 ජනාධිපතිවරණය සදහා රුපියල් බිලියන 11 ක් වෙන් කරයි.

2024 වසරේ විසර්ජන පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, රාජන්‍ වියදම රුපියල් බිලියන 203 කින් ඉහළ ගොස් තිබේ.

ලබන වසරේ පැවැත්වීමට අපේක්ෂිත ජනාධිපතිවරණය සදහා රුපියල් බිලියන 11 ක මුදලක්, ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත හරහා වෙන් කර තිබේ.

ව්‍යවස්ථානුකූලව, ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට, ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු ය.

ලබන වසරේ සැප්තැම්බර් මාසය වන විට වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන අතර, ඒ අනුව, එම කාලය තුළ ජනාධිපතිවරණයක් කැදවන, එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතාද පවසා තිබේ.

2024 විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වියදම රුපියල් බිලියන 3860 කි. 2023 වසරේ රජයේ වියදම් හා සසදා බැලීමේ දී මෙය රුපියල් බිලියන 203 ක වැඩි වීමකි.

2024 විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය වෙනුවෙනි.

දෙවනුවට වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය වෙනුවෙනි.
තෙවනුවට වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙනි.

සන්ඩේ ටයිම්ස් මුල් පුවත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + twenty =