22 ගැන විවාදය
ලබන සතියේදීත්
නොපැවැත්වෙන හැඩයි..!
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය ලබන සතියේ පැවැත්වෙන බව ප්‍රකාශ කර තිබුණද බොහෝ දුරට එය ලබන සතියේදී සිදු නොවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය පසුගිය 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණු අතර එය ලබන සතිය දක්වා එනම් ඔක්තෝබර් 20 සහ 21 දක්වා කල් තැබීය.
ඒ නමුත් පොහොට්ටු සන්ධානයේ පක්ෂ අතර ඇති නොඑකගතාවන් හේතුවෙන් විවාදය නැවත කල්දැමීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
වසර දෙක හමාරක් කල් පිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය සහ ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් ඇති වගන්ති පිලිබදව පොහොට්ටු පක්ෂය තුළම නොඑකගතාවන් මතුව තිබේ.
පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසා සිටියේ මේ සම්මජ්ජාතියේ දී විසි දෙක සම්මත නොවන බවයි.