225 න් 17 ක්
අධ්‍යාපන සුදුසුකම් හෙළි නොකරති.
ජොන්ස්ටන් – විමල් – රෝහිත -මහින්ද රාජපක්ෂ
පිල්ලෙයාන් ඒ අතර.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාගෙන් 208 දෙනෙකු ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කර තිබෙන අතර 17 දෙනෙකු ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සගවා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
තොරත-ුරු දැනගැනීමේ පනත යටතේ සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙම තොරතුරු ලබාගෙන තිබේ.
තමන් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන්නේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබදව දැන ගැනීමේ අයිතිය මහජනතාවට ඇති බව විශ්වාස කරමින්, තොරතුරු කොමිසම විසින්, අදාල තොරතුරු නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කර තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරු 208 දෙනෙකු ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හෙළි කර තිබෙන අතර අදාල තොරතුරු ලබා දී නොමැති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 17 කි.
තමන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබදව හෙළිනොකළ මන්ත්‍රීවරු අතර විමල් වීරවංශ – ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහින්දානන්ද අලුත්ගමගේ – රෝහිත අබේගුණවර්ධන – යදාමනී ගුණවර්ධන – ධම්මික පෙරේරා – ගෙවිදු කුමාරතුංග එස් වියලේන්ද්‍රන් – පිල්ලෙයාන් – මහින්ද රාජපක්ෂ – කුමාර වෙල්ගම – පියල් නිශාන්ත යන අය සිටිති.
පාර්ලිමේන්ත-ු වෙබ් අඩවිය ඔස්සේ අදාල තොරතුරු ලබා ගැනීමට හැකි බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.