75වන නිදහස් සැමරුම වෙනුවෙන්
විශේෂ දළදා පෙරහැරක්…!
75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ ජනරජ පෙරහැරක් පැවැත්වීමට කටයුතු කරන බව දියවඩන නිලමේ දැනුම් දී තිබේ.
එම විශේෂ පෙරහැර පෙබරවාරි මාසයේ 18 වන දා පැවැත්වීමට නියමිත ය.
රජයේ ඉල්ලීම මත මෙම විශේෂ දළදා පෙරහැර සංවිධානය කරන බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසා තිබේ.
ලංකාව ජනරජයක් බවට පත් වූ 1972 වසරේ දී එවකට අග්‍රාමාත්‍යවරියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීමකට අනුව මෙවැනිම විශේෂ පෙරහැරක් පවත්වා තිබේ.