’96 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ
රෝයල් තෝමියන් කවුරුවත් හිටියෙ නෑ..!
සුදුසු අය සුදුසුතැන්වල සිටියානම්
රටට මේ දේ වෙන්නේ නෑ..!’
මහබැංකු අධිපති කියයි.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී නියම සුදුස්සන් විසින් එම තීරණ ගනු ලැබුවේ නම් රටට මේ තත්ත්වය උදා නොවනු ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අප මේ පසුකරමින් සිටින්නේ දුෂ්කර කාලපරිච්ඡේදයක් බව පවසන මහබැංකු අධිපතිවරයා එවැනි කාලයකදී අමාරු තීරණ ගැනීමට සිදුවන බවත් එම අමාරු තීරණ ජනප්‍රිය තීරණ නොවන බවද ඔහු පවසයි.
ජනප්‍රිය නොවන තීරණ ඇතැම් පිරිසකට පීඩාවක් ඇති කළ හැකි නමුත් එවැනි තීරණ ගැනීමට අනිවාර්ය කෙරී ඇති බවයි මහබැංකු අධිපතිවරයා පවසන්නේ.
තමන් ජීවිතයේ ආ දුර සිහි කරමින් මහබැංකු අධිපතිවරයා පවසා සිටියේ තමන් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වූ බවයි. තමන් ලබා ගත් ප්‍රතිඵලය අනුව රාජකීය විද්‍යාලයද ඇතුළුව ලංකාවේ ඕනෑම පාසලකට ඇතුළු වීමේ අවස්ථාව හිමි වූ නමුත් තමන් තෝරා ගත්තේ ආනන්ද විද්‍යාලය බවත් ඔහු පවසයි.
සුදුස්සාට සුදුසු තැන ලැබීමේ අගය පැහැදිලි කිරීම සදහා මහබැංකු අධිපතිවරයා 96 ලෝක කුසලාන ජනග්‍රහණය උපමාවට ගත්තේ ය.
ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ රාජකීය විද්‍යාලය හෝ ශාන්ත තොමස් විද්‍යාලය හෝ නියෝජනය කළ කිසිදු ක්‍රීඩකයෙක් නොවූ බවයි.
සුදුසුකම පමණක් සලකා බලා කණ්ඩායම ගොඩ නගා තිබුනු බැවින් ලෝක කුසලානය ජයග්‍රහණය කළ බව කීම එම උපමාව ගෙනහැර පෑමේ අභිලාශය වූ බව පෙනේ.