Heading
දේශීය
2024-08-11 8:53 am

"අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාම ගැටළුවක් නෑ. අවශ්‍ය මුදල් ලබා දීමට රජය සූදානම්..!" මුදල් රාජ්‍ය අමාත්‍ය.

"අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාම ගැටළුවක් නෑ. අවශ්‍ය මුදල් ලබා දීමට රජය සූදානම්..!" මුදල් රාජ්‍ය අමාත්‍ය.


ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාම ගැටළුවක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාම මැතිවරණ වියදම් ඉහළ යාම කෙරෙහි බලපෑ හැකි නමුත්, අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

ජනාධිපතිවරණය සදහා රුපියල් බිලයන දහයක මුදලක් රජය වෙන් කර තිබේ. 

තවමත් එම මුදල ඉක්මවා යාමක් දක්නට නැති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. 

අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාම, ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණයට බලපාන අතර, ඒ අනුව, අවශ්‍ය වන ඡන්ද පෙට්ටි සංඛ්‍යාවද ඉහළ යා හැකි ය. ඒ අනුව, එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් මිලියන සියයක පමණ අමතර වියදමක් දැරීමට රජයට සිදුවන බවට ගණන් බලා ඇති අතර, එම වියදම දැරීමට රජය සූදානම් බව ද අමාත්‍යවරයා පවසා තිබේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න