“අයි.සී.සී.පී.ආර් පනතින් ගත්තොත් අවුරුදු ගාණක් ඇතුලේ..! එහෙම කරන්න එපා..!” තායිලන්තයේ සැඟවුණු ගම්මන්පිල අභියාචනාධිකරණයෙන් ඉල්ලයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අයි.සී.සී.පී.ආර් පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත්, එම පනත යටතේ අත්අඩංගුවට ගතහොත් ඇතැම් විට වසරක පමණ කාලයක් අත්අඩංගුවේ පසුවීමට සිදුවන බවත් සදහන් කරමින්, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට වන නියෝගයක් නිකුත් කරන ලෙස, උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලයි. තායිලන්තයේ සිට සිය නීතීඥයන් මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ ඊට අදාල පෙත්සම ගම්මන්පිල විසින් ගොනු කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් බව සැල වීමත් සමඟ, ගම්මන්පිල, රටින් පලාගොස් ඇති බව මීට වාර්තා විය. පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, එම සිදුවීම මත පදනම්ව, ගම්මන්පිල විසින් ජාතීන් අතර විරසකය ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවද, නීතීඥ අචලා සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. අදාල පැමිණිල්ල ගොනු කළ අවස්ථාවේ දී නීතීඥවරිය සමඟ, කප්පම් ගැනීම සදහා නාවික හමුදා කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් අත-ුරුදන් කරන ලද තරුණයන් එකොළොස් දෙනාගේ මව්පියන් නියෝජනය කළ පිරිසක් ද විය.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-01 8:54 am
|
Heading |
---|
2025-09-01 7:40 am
|
Heading |
---|
2025-08-31 7:40 am
|
Heading |
---|
2025-08-29 8:49 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|