සඟවා ඇති ධනය සොයා ගැනීමට සහාය දෙන බව ලෝක බැංකුව කියයි. අපරාධයන්ගෙන් උපයාගත් දේපළ පිළිබද නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ලෝක බැංකු-ව කැමැත්ත පළ කරයි. 2025 අංක 5 දරණ, අපරාධයන්ගෙන් උපයාගත් දේපළ පිළිබද පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ලෝක බැංකුව කැමැත්ත පළ කර තිබේ. අල්ලස් හෝ කප්පම් වශයෙන් දූෂිත ආකාරයෙන් උපයාගෙන ඇති දේපළ සොයා ගැනීම සහ එම දේපළ රාජසන්තක කිරීම සදහා මෙම නව නීතිය සම්පාදනය කරනු ලැබී ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ සභාපති, විනිසුරු නීල් ඉද්දවල මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් වියානා නුවර හමු වූ අවස්ථාවක දී, ඔවුන් මෙම පොරොන්දුව ලබා දී තිබේ. අපරාධයන්ගෙන් උපයාගත් දේපළ පිළිබද නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී, විමර්ශන කටයුතු සදහා සහභාගී වන විමර්ශකයින් සහ නඩු පැවරීමට මැදිහත් වන අය වෙත, ඒ සදහා අවශ්‍ය දැනම සහ ප්‍රවීණතාවය ලබා දීමට ලෝක බැංකු නියෝජිතයන් පොරොන්දු වී තිබේ. එසේම, සැගවූ වත්කම් සොයා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටද ලෝක බැංකු සහාය ලැබෙනු ඇත.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-04 9:26 am
|
Heading |
---|
2025-09-03 2:42 am
|
Heading |
---|
2025-09-03 10:35 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|