Heading
දේශීය
2024-08-13 9:32 am

සුරාබදු මගඩිය..! හිඟ බදු බිලියන 7.9 යි. ඉන් බිලියන 5 ම ඇලෝසියස්ලාගේ මෙන්ඩිස් සමාගම නොගෙවූ බදු..!

සුරාබදු මගඩිය..! හිඟ බදු බිලියන 7.9 යි. ඉන් බිලියන 5 ම  ඇලෝසියස්ලාගේ මෙන්ඩිස් සමාගම නොගෙවූ බදු..!  


2023 වසර සදහා ගෙවිය යුතුව ඇති බදු මුදල් අය කර ගැනීම සදහා පාටලී චම්පික රණවකගේ සභාපතීත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසා තිබේ. 

ඊට හේතුව, ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය වීම යි. 

ඒ සදහා වූ අනුමැතිය මුදල් අමාත්‍යංශයෙන් නොලැබෙන තත්ත්වයක් තුළ නොගෙවූ බදු අය කර ගැනීම සදහා ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බවයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා පවසන්නේ. 

මත්පැන් නිෂ්පාදකයන් විසින් නොගෙවා ඇති සමස්ත බදු ප්‍රමාණය රුපියල් බිලියන 7.9 කි. 

මත්පැන් නිෂ්පාදකයන් විසි පස් දෙනෙකු පමණ රට ත-ුළ සිටින අතර, බදු ගෙවීම පැහැර ඇත්තේ න් ඉතාම ස්වල්ප දෙනෙකු පමණක් බව වාර්තා වේ. 

මත්පැන් නිෂ්පාදකයන් විසින් ගෙවීමට තිබෙන රුපියල් බිලියන 7.9 ක සමස්ත හිග බදු මුදලෙන් රුපියල් බිලියන පහක් පමණ අයත් වන්නේ ඇලෝසියස්ලාට අයත් මෙන්ඩිස් සමාගමටයි. 



Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න