Heading
දේශීය
2025-09-10 8:15 am • Views: 1209

“ශ්‍රී ලංකාව කැපී පෙනෙන ලෙස ස්ථාවර වෙමින් පවතී. ” ලෝක බැංකුව.

“ශ්‍රී ලංකාව කැපී පෙනෙන ලෙස ස්ථාවර වෙමින් පවතී. ” ලෝක බැංකුව. 

ආර්ථිකය ස්ථාවර කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සමත්ව ඇති බවත්, ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව, ලංකාවේ ප්‍රගතිය කැපී පෙනෙන බවත් ලෝක බැංකුව පවසයි. 

ලංකාව මෙන් අර්බුදයට පත් වූ රටවල් 123 ක්, 1980 වසරේ සිට, අවස්ථා 330 ක දී, ඔවුන්ගේ බිද වැටුණු ආර්ථිකයන් යළි යථාවත් කර ගැනීමට දරන ලද උත්සාහයන් සියල්ල අතරෙන්, ලංකාව ප්‍රශස්තම තත්ත්වයක සිටින බව ලෝක බැංකු-වේ අදහසයි. 

වර්ධනය හෝ සමානාත්මතාවය අඩපණ කර ගැනීමකින් තොරව, 2029 වසර වන විට සිය ආදායම 2% කින් ඉහළ දමා ගැනීමට හැකි වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි. 

රාජ්‍ය වියදම් වඩා හොදින් ඉලක්ක කිරීම සහ කළමණාකරණය කිරීම, පවතින අයවැය සීමාවන් තුළ වැඩි දියුණු කළ ප්‍රතිපළ ලබා දෙනු ඇතැයි පවසන ලෝක බැංකුව, සෘජු බදු වෙත මාරු වීම, බදු ගෙවීම පහසු සහ විනිවිද භාවයක් ඇති දෙයක් බවට පත් කිරිම මෙන්ම බදු පරිපාලනය ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කමද අවධාරණය කරයි. 

තවදුරටත් වියදම් කප්පාදු කළ හැකි තත්ත්වයක් නොමැති බැවින්, එකත-ු කර ගන්නා සෑම රුපියලක්ම කාර්යක්ෂමව වියදම් කිරීමේ වැදගත් කම ලෝක බැංකුව ලෝක බැංකුව පෙන්වා දෙයි. 

සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය, ආධාර අත්‍යවශ්‍ය පිරිස් ඉලක් කර ගනිමින් සිදු කළ යුත-ු බවද ලෝක බැංකුව පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න