Heading
දේශීය
2025-09-11 8:28 am • Views: 394

තීරුබදු අනුපාත පිළිබඳ වැඩිදුර සාකච්ඡා සදහා ඇමරිකානු නියෝජිතයෝ අද ජනපති අනුර හමුවෙති.

තීරුබදු අනුපාත පිළිබඳ වැඩිදුර සාකච්ඡා සදහා ඇමරිකානු නියෝජිතයෝ අද ජනපති අනුර හමුවෙති.

අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සදහා එක්සත් ජනපද නියෝජිත පිරිසක් අද දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට නියමිත බව වාර්තා වේ. 

ශ්‍රී ලංකාවේ අපනයන සදහා එක්සත් ජනපදය මුලින් 44% ක තීරු බදු අනුපාතයක් නිර්දේශ කළ අතර පසුව එය 20% දක්වා පහත දැමුවේ ය. 

ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 3 ක පමණ අපනයන සිදු කරන අතර, ඇමරිකාවෙන් ඩොලර් මිලියන 370 ක පමණ ආනයන සිදු කරනු ලබයි.

මේ පරතරය අඩුකර ගැනීම සදහා ඇමරිකාවෙන් කරනු ලබන ආනයන වැඩි කිරීම පිළිබදව රජයේ අවධානය යොමු වී ඇති අතර, එක්සත් ජනපද නියෝජිතයන් සමග අද සිදු කරන හමුවේ දී ඒ පිළිබදව සාකච්ඡා වීමට නියමිත ය.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න