Heading
දේශීය
2025-09-15 1:54 am • Views: 295

මාගම්පුරෙන් අළුත් අයිස් ෆැක්ටරියක්...!

මාගම්පුරෙන් අළුත් අයිස් ෆැක්ටරියක්...! 

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ලද තවත් කර්මාන්ත ශාලාවක් හම්බන්තොටින් සොයා ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශයට හැකි වී තිබේ. 

හම්බන්තොට නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය අදාල කර්මාන්ත ශාලාවෙන්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සහ ඒ සදහා අවශ්‍ය නොයෙකත් උපකරණ සොයා ගත් බව විමර්ශන නිළධාරීන් පවසයි. 

මෙම කර්මාන්ත ශාලාව තුළ අයිස් නිෂ්පාදනය කිරීමේ කාර්යයෙහි ඉරාන ජාතිකයන් දෙදෙනෙකු නිරතව සිට ඇති බව වාර්තා වන අතර, මෙහෙයුම සිදුවන අවස්ථාව වන විට ඔවුන් රටින් පලාගොස් ඇති බව පැවසේ. 

කෙහෙල් බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දිවයිනට රැගෙන ඒමෙන් පසුව සොයා ගනු ලැබූ දෙවන අයිස් මත් ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය මෙයයි. 

මීට පෙර නුවරඑළිය ප්‍රදේශයේ ද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා විය. 

එය, කෙහෙල්බද්දර පද්මේට අයත් ව්‍යාපෘතියකි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න