Heading
දේශීය
2024-08-14 8:20 am

ඇමතිධූර නෑ..! ඒත් කෙහෙළිය සහ සනත් නිශාන්තගේ පවුල්වල උදවිය තවමත් නිල නිවාසවල..!

ඇමතිධූර නෑ..! ඒත් කෙහෙළිය සහ සනත් නිශාන්තගේ පවුල්වල උදවිය තවමත් නිල නිවාසවල..! 


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන අයට, ඔවුන් එම ධූර දරන සමයේ ලබා දී තිබුණු නිවාස තවමත් රජයට භාර දී නැති බව ලංකාදීප පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි. 

ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ධූරයෙන් ඉල්ලා අස්විය. 

ඔහු එසේ ධූරයෙන් ඉල්ලා අස්වූවද, රජය ඔහුට ලබා දී තිබුණු නිල නිවස මෙතෙක් භාර දී නැති අතර, ඔහුගේ පවුලේ උදවිය එම නිල නිවස භාවිතා කරන බව වාර්තා වේ. 

එසේම, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා භාවිතා කළ නිල නිවසද මෙතෙක් රජයට භාර දී නැත. එම නිල නිවසේ, ඔහුගේ පවුලේ සාමාජිකයන් පදිංචිව සිටින බව පැවතේ. 

ඊට අමතරව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඔහු ජීවතුන් අතර සිටිය දී රජය ලබා දී තිබුණු නිල නිවසද මෙතෙක් රජයට භාර දී නැති බව වාර්තා වේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න